බඹර කැපීමේ ගීත

සිය ජිවිත සටනෙහි නොමද අරගලයක යෙදෙන ගැමියා ,එදා ඒ උදෙසා විවිද වූ ජිවනෝපායන් වල නියැලෙන්නට විය .එයින් එක වෘත්තියක් ලෙස බඹර කැපීම සැලකිය හැකිය .මෙම බඹර කැපීම සිදු වන්නේ උස ගස් රුකුල් හා ගල් පර්වත තුල බඹරුන් විසින් බඳින ලද බඹර වද කැඩීමයි.මෙය ඉතාමත් කටුක වේදනාකාරී ක්‍රියාවකි .මෙම ක්‍රියාවලදී ගයනා කරනු ලැබූ ගීත බඹර කැපීමේ ගීත ලෙස හැඳින්වේ .සිය වෘත්තියෙහි කටුක ස්වභාවය මොවුන් විසින් ගායනා කරන ලද බඹර කපීමේ ගීත පදමාලාව තුල අන්තර්ගත වී ඇත .මෙම ගීත ඒකලව ගයනා කර ඇත .මෙම ගීත වල ස්වර පරාසය පටු වන අතර උච්ච ස්වරයෙන් ගැමියන් ගායනා කළ නිසා නාද පරාසය කෙටි වීමට හේතු වී ඇත .ශ්‍රී ලාංකීය ගැමි ගී වර්ගීකරණය යටතේ මෙහෙ ගී ඝනයට බඹර කැපීමේ ගීත අයත් වේ .බඹර කැපීමේ ගීතයක් පහත දැක්වේ .

බැද්ද වටට සුදුමොර මල්             පිපිලා
සද්ද කර බඹරු ඒ වග                 කියාලා
ඉටිත් පැණිත් ලොව සැමටම      බෙදාලා
යන්නත් බමරු දුක් මැසිවිලි        කියාලා

Comments

Popular posts from this blog

ජන සංගීතය හැඳින්වීම

ශාන්තිකර්ම ගීත

හටන් ගීත