ශාන්තිකර්ම ගීත




අතීතයේ අපේ ගැමියන් විවිධ  කරදර ,බාදක වලට මුහුණ දුන්  අවස්තාවලදී 
ඒවා සමනය කර ගැනීමට විවිධ යාග හෝම පවත්වා ඇත .එවැනි යාග හෝම 
කටයුතු වලදී ඔවුන් අතින් නිමවුණු ගීත ශාන්තිකර්ම ගීත ලෙස හැදින්විය හැකිය .අපල උපද්‍රව දුරු කර ගැනීම ,ග්‍රහ දොස් දුරුකර ගැනීම ,රෝග අබාධ 
සමනය කර ගැනීම ,යක්ෂ ප්‍රේත ආදීන්ගෙන් සිදුවෙන බාදක දුරුකර ගැනීම
වන සතුන්ගෙන් ඇතිවන හානි දුරුකර ගැනීම හා සශ්‍රිකත්වය අරමුණු කරගෙන නිමවී ඇති ශාන්තිකර්ම ගී බොහොමයක් වර්තමානයේ පවතී .ඕනෑම ශාන්තිකර්මයක අරමුණ එකක් උවද ඒ ඒ ප්‍රදේශවල භාවිත කරන ස්වරූපය අනුව ප්‍රාදේශීය වශයෙන් විවිධ වෙනස්කම් දක්නට ලැබේ .මේ අනුව ශාන්තිකර්ම ගීත කොටස් තුනක් යටතේ සාකච්ඡා  කළ හැක .

1.උඩරට ශාන්තිකර්ම ගී 
2.පහතරට ශාන්තිකර්ම ගී 
3.සබරගමු ශාන්තිකර්ම ගී

ඒ ඒ ප්‍රදේශ වලට අවේනික වූ ප්‍රධාන ශාන්තිකර්ම දක්නට ලැබේ .උඩරට ප්‍රදේශයේ භාවිත කරන ප්‍රධාන ශාන්තිකර්ම වන්නේ කොහොඹා කංකාරිය ,
ගම්මඩු ශාන්තිකර්මය වේ .එම ශාන්තිකර්ම රාත්‍රියේ අරඹා පසු දින පහන් වන තුරුම විවිධ ගායනා ,විවිධ නර්තන ,වෙනත් සංස්කෘතික උපාංග භාවිත කරමින් මෙම ශාන්තිකර්ම සිදුකෙරේ .මෙම ශාන්තිකර්ම සඳහා උඩරට ගැටබෙරය ,හොරණෑව,හක්ගෙඩිය යොදාගනු ලබයි .

දෙවොල්මඩු ශාන්තිකර්මය ,18 සන්නිය ,ගිරිදේවී ශාන්තිකර්මය ,රිද්දි යාගය ,
රට යකුම ,ගරා යකුම පහතරට ප්‍රදේශයේ භාවිත ශාන්තිකර්ම වේ .මේ සඳහා දෙවොල් බෙරය ,හොරණෑව ,හක්ගෙඩි ,තාලම්පට ,අත්මිනිය යන සංගීත භාණ්ඩ යොදාගනු ලබයි .

පහන්මඩු ශාන්තිකර්මය ,කිරිමඩු ශාන්තිකර්මය ,ආදී ශාන්තිකර්ම සබරගමු පළාතේ භාවිත කරන ශාන්තිකර්ම වේ .මේ සඳහා ප්‍රධාන අවනද්ධ භාණ්ඩය ලෙස දවුල යොදාගනු ලබයි .

පොදුවේ ගත්කල ශාන්තිකර්ම ගීතවල පහත සඳහන් ලක්ෂණ දැකිය හැකිය .

1.කිසියම් ශාන්තියක් අපේක්ෂාවෙන් ගී පදමාලා නිර්මාණය වීම .

2.අඝාතත්මක හා අනාඝාතාත්මක යන දෙයාකාරයෙන්ම ශාන්තිකර්ම ගීත නිර්මාණය වී තිබීම 

3.දේශීය ගී විවිධ සංස්කෘතිකාංග [පොල්මල් ,පුවක් මල් ,ගොක්කොල ,දෙහි ,කොහොඹ ] වැනි ද්‍රව්‍ය භාවිත කිරීම .

4.විවිධ ඇඳුම් පැළදුම් භාවිතය ,වෙස් මුහුණු භාවිතය වැනි සංස්කෘතික ලක්ෂණ පවතියි .

5.රාත්‍රී කාලයේදී යාගහෝම පැවැත්වීම .

6.විවිධ බලි රූප නිර්මාණය 

7.නාදමාලා ,පදමාලා සරල බවින් යුක්ත වීම 

8.අත්වැල් ගායනය භාවිතය 

9.මෙම ගීත සඳහා බහුල වශයෙන් බුදු ගුණ ,දේව ස්තෝත්‍ර ,යොදාගෙන තිබීම 

අදිය දැක්විය හැකිය.

       
     
  



Comments

Popular posts from this blog

ජන සංගීතය හැඳින්වීම

වන්නම්