වන්නම්

වන්නම් යනු කිසියම් දෙයක් පිළිබඳව කරනු ලබන වර්ණනාවකි .මෙහිදී පුද්ගලයෙක් ,සතෙක් ,සතෙකුගේ ගමන් විලාසයක්
නලඟනක් පිලිබඳ කරනු ලබන වර්ණනා පද මාලාවේ ගැබ් වී ඇත .වන්නම් ආරම්භ වූයේ මහනුවර යුගයේදීය .ජන ගී වර්ගීකරණය යටතේ සේ ගී ඝනයට වන්නම් අයත් වේ .කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ කවිකාර මඩුව තුලින් වන්නම් ජනිත වී ඇත .ගායනයක් ලෙස ආරම්භ වූ මෙම වන්නම් පසු කාලයේ නර්තනයට එක් වීමෙන් විවිධ නර්තන නිර්මාණය විය .වන්නමක ආරම්භය සිදු වන්නේ තානමකිනි .තානමේ නාද මාලාවට පද මාලාව ගායනා කරනු ලබයි .මහනුවර යුගයේ මෙම වන්නම් නිම කිරීමෙදී එකල රජවරුන්ගේ රජවාසලේ සේවය කළ දකුණු ඉන්දීය සංගීතධරයෙකු වූ ගණිතාලංකාර වැනි පඬිවරුන්ගේ සහය ලැබී ඇත .ගායනයේදී තානම ,ගීතය , යනුවෙන් කොටස් දෙකකින් යුක්ත වුවද ,නර්තනයට එක් වීමෙන් පසු කස්තිරම ,සීරුමාරුව ,අඩව්ව යන කොටස් එක විය .මහනුවර යුගයේ නිමවූ වන්නම් ගණනින් 18 කි .වන්නම් සඳහා භාවිත වන කොටස් 5 කි .
                                                                                                         1.තානම
                                                                                                         2 .ගීතය
                                                                                                         3 .කස්තිරම
                                                                                                         4 .සීරුමාරුව
                                                                                                         5 .අඩව්ව

උඩරට වන්නම් සඳහා භාවිතා වන ප්‍රධාන අවනද්ධ භාණ්ඩය ගැට බෙරයයි .උඩරට වන්නම් වල පහත සඳහන් ලක්ෂණ දැකිය හැකිය .

1.තානම භාවිත විම
2 .තාල වාදනයට ගැට බෙරය යොදා ගැනීම
3 .නාද මාලා ඒකාකාරී වීම
4.විවිධ තිත් රූප වලට අනුව නාද මාලා සැකසීම
5.ඒ ඒ වන්නම් වලට අදාළ අවනද්ධ පද සැකසී තිබීම

උඩරටින් ඇරඹි මෙම වන්නම් පසු කාලයේදී සබරගමුවේ මෙන්ම පහතරට ප්‍රදේශවලද බිහිවිය .මෙහි ප්‍රතිපලයක් ලෙස සබරගමු වන්නම් සමන් දේවාලය මුල්කරගෙන ද ,පහතරට වන්නම් මාතර උපුල්වන් දේවාලය මුල්කරගෙනද නිර්මාණය විය .සබරගමු වන්නම් 18ක් නිර්මාණය වුවද පසුව සබරගමු වන්නම් 24ක් නිර්මාණය විය .සබරගමු වන්නම් තානම ,ගීතය ,කලාසම ,අඩව්ව යනුවෙන් කොටස් 4කින් යුක්තය .සබරගමු වන්නම් සඳහා ප්‍රධාන අවනද්ධ භාණ්ඩය ලෙස දවුල භාවිත වෙයි . පහතරට වන්නම් ගණනින් 32 ක් වන අතර ,පහතරට වන්නම් සඳහා දෙවොල් බෙරය භාවිත කරයි .එමෙන්ම පහතරට වන්නම් සින්දු වන්නම් යනුවෙන්ද හඳුන්වනු ලබයි .

Chulanewy                                                         
download

download (2)


images (2)




Comments

Post a Comment

Popular posts from this blog

ජන සංගීතය හැඳින්වීම

ශාන්තිකර්ම ගීත