ජන සංගීතය හැඳින්වීම


එක්තරා ජන කොට්ටශයක් ඔවුන්ගේ සිතුම් පැතුම් මුලාශ්‍ර කරගෙන නිර්මාණය කරන
සෑම ගීතයක්ම ජන ගීතයක් යනුවෙන් හැඳින්වේ. ජන ගී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.
                                 
                             1.ගැමි ගී
                             2.සේ  ගී

1.ගැමි ගීත

මිනිසාගේ ආරම්භය දෙස බලන විට ඔවුන්ගේ ජීවත් වීමේ පොදු අරමුණ වූයේ ආහාර,ඇඳුම්-පැලඳුම් හා නිවාසයි. කෘෂිකර්මය මුල් කරගත් අපේ ගැමි ජනයා අකුරු ශාස්ත්‍රය නොදත් නූගතුන් ලෙසහැඳින්වේ. නමුත් ඔවුන්ගේ බුද්ධි මට්ටම් ඉතා උසස් මට්ටමක තිබුණි. ඔවුන් ජීවන ගමනේ ඇතිවන කරදර , පාළුව ,තනිකම,මහන්සිය ,වෙහෙස නිවාගැනීමට ,අපල උපද්‍රව දුරුකරගැනීමට ,විනෝදය සඳහා ක්‍රීඩා කිරීම් වැනි
සමාජීය සිරිත් විරිත් අනුගමනය කරමින් ඔවුන් ජීවන අරගලයට මුහුණ දුන්හ .එවැනි කාර්යන් මුල්කරගෙන ඒවායින් ඇතිවෙන දුක් ගැහැට ,සමනයකර ගැනීම සඳහා විවිධ ගයනා භාවිතා කර ඇත . මෙම කාර්යන් නිර්මාණයට එනම් ගැමි ගී නිර්මාණයට පදනම් වී ඇති සාධක තුනක් තිබේ .
                   
               1.වෘත්තින් මත ගොඩනැගුණු ගීත
               2.ඇදහිලි හා විශ්වාශ මත ගොඩනැගුණු ගීත
               3.විනොදශ්වදය හා සමාජීය අවශ්‍යතා මත ගොඩනැගුණු ගීත


  • විවිධ වෘත්තීන් මත ගොඩ නැගුණු ගීත ගණයට ගැල් ගී ,පාරු ගී ,පැල් ගී ,බඹර ගී ,ගොයම් ගී ,කමත් ගී ,කුරක්කන් ගී,පතල් ගී ආදී ගීත වර්ග අයත් වේ . [මෙහෙ ගී ]



  • ඇදහිලි හා විශ්වාස මත ගොඩනැගුන ගී ගණයට ශාන්තිකර්ම ගී,තුන්සරණේ ගී ආදී ගීත වර්ග  අයත් වේ. [ඇදහිලි ගී ]



  • විනොදාශ්වදය හා සමාජ අවශ්‍යතා මත ගොඩනැගුන ගී ගණයට කෙළි ගී , ඔලිඳ කෙළිය 'මෙවර කෙළිය,පන හන්ගීමේ ගීත,දරු නැළවිලි ගීත,වැදී ගීත ආදී ගීත වර්ග  අයත් වේ . [සමාජීය ගී ]


ගැමි ගීතයේ ලක්ෂණ\

1.මෙහෙ ගී,ඇදහිලි ගී ,සමාජීය ගී,යනුවෙන් කොටස් තුනකින් යුතු වීම.

2. පද මාලාව සරල වීම

3 නාද මාලාව සරල වීම

4. මුඛ පරම්පරාවෙන් පැවත ඒම

5. ඉහල හඩින්  ගායනය

6 නිර්මාණය සාමුහික වීම .

7.නාමික නිර්මාපකයෙකු නොසිටීම

8.සන්නිවේදන කාරකයක් ලෙස භාවිතය

9.නිර්ව්‍යාජ කළා මාධ්‍යක්  වීම

10.ගැමි රිද්මය,තාලය ,නාද මාලාව එකිනෙකට සුසංයෝගී වීම.




සේ ගීත 

විද්‍යාව , තාක්ෂණය දියුණු වීමත් සමග මිනිසාගේ සාක්ෂරතාවය ඉහල මට්ටමකට පැමිණීමත් සමග ඔවුන්ගේ පණ්ඩිත්වය හුව දක්වීම සඳහා කාව්‍යන් නිර්මාණය කිරීමට
පෙළඹී ඇත . එවැනි ගීත සේ ගී යනුවෙන් හැදින්වේ. වන්නම්,ප්‍රශස්ති ,සව්දම්,විරිඳු ,හටන් ,වැලපුම් ,සංදේශ ගීත ආදිය  සේ ගී ගණයට අයත් වේ .

සේ ගීතවල ලක්ෂණ 

1.ගැඹුරු වියත් බසකින් යුක්ත වීම .

2.උපමා ,උපමේය, වලින් අලංකාරවත් වී තිබීම

3.උගත් පණ්ඩිතයන් අතින් නිර්මාණය වීම .

4.නාමික නිර්මාපකයෙකු සිටීම

5.එක පුද්ගල නිර්මාණයක් වීම .

6.නාද මලා සංකිර්ණ වීම.




Comments

Post a Comment

Popular posts from this blog

ශාන්තිකර්ම ගීත

වන්නම්