මහනුවර යුගයේ භාවිත කළ කවිකාර මඩුව අශ්රිතව නිර්මාණය වූ සේ ගී විශේෂයකි .එදා රජ කළ රජවරුන් යුධ කළ අවස්ථා වලදී මෙම ගීත ගායනා කර ඇත .මෙම ගීත ගයනා කළ අවස්ථා ලෙස යුද්ධයට යාමට පෙර ,යුධ කරන අවස්ථාවේදී ,යුධ ජයග්රහණය කිරීමෙන් පසු සතුට භුක්ති විඳීම සඳහා ආදී අවස්ථා වලදී මෙම ගීත ගායනා කර ඇත .රජවරුන්ගේ ,සෙන්පතියන්ගේ ගුණ වර්ණනා ,තේජස ,පෞර්ෂය, අදිය මුල් කරගෙන හටන් ගීතවල පදමාලා නිර්මාණය වී ඇත .දුනුවිල හටන ,පරංගි හටන ,ලන්දේසි හටන ,ඉංග්රීසි හටන යන හටන් වලදී මෙම ගීත ගායනා කර ඇත .හටන් ගීතවල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ කිහිපයකි . 1.පදමාලා සංකීර්ණය . 2.නාද මාලා සංකීර්ණය . 3.බොහෝ ගීතවල නාදමාලා ඒකාකාරී වේ . 4.මෙම ගීතවල නාදමාලා ඒකාකාරී වේ . 5.නාද මාලා වේග රිද්මයක් ගනියි . 6.බටහිර සංගීතයේ 6/8 හා හින්දුස්තානි සංගීතයේ ඛේම්ටෝ තාලය මත මෙම ගීත ගායනා කරයි . 7.ගැට බෙර ,දවුල් ,තම්මැට්ටම් ,හොරණෑ,කොම්බුව ,හක්ගෙඩිය ,පන්තේරු ,උඩැක්කි ආදී සංගීත භාණ්ඩ යෝදාගෙන ඇත . නොමදින් විකුම්පාලා ,යුද්දෙටත් ඇවිත් ,කපන කොටන බිම පෙරලෙන ආදී ගීත හටන් ගීත කිහිපයකි .
Thanks alot
ReplyDelete