වැදි නැළවිලි ගී

අපේ පැරණි සමාජයේ ජිවත් වූ ගෝත්‍රිකයින් හෙවත් ආදී වාසින්  විසින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා භාවිත කරන ලද ගීත විශේෂයක් ලෙස වැදි නැළවිලි ගී හැඳින්විය හැකිය .මානවයාගේ ආරම්භයත්  සමඟ දරුවන්ගේ  අවශ්‍යතාවයන් දිනා ගන්නේ හඬමිනි.ඒ සඳහා ආදිවාසින් විසින් විසින් දරුවන් නලවා ගැනීමට මෙම ගීත ගායනා කරන ලදී .මෙම ගීත වල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ කිහිපයකි .

1.පදමාලා ඉතාමත් සරලය .
2.දරුවාගේ සිතේ ඇතිවෙන සිතුවිලි හා මවගේ සිතේ ඇතිවන සිතුවිලි මව විසින් සහජයෙන් පද ගොඩනගාගෙන  මෙම ගීත ගායනා කර ඇත .
3.නාදමාලාව ඉතා සරළ වේ .මෙම නාදමාලා ද තමාගේ සිතට ඇතිවෙන පද යොදාගෙන ඒවා ගීතයට නංවා ඇත .
4.නාදමාලා සරල වීමට හේතුව නම් මෙම ගීත නිර්මාණය වී ඇත්තේ ස්වර දෙකක් හෝ තුනක් භාවිත කරමිනි .පැට්ටි අඩන්නේ  මොන්නට දෝ බෝල යන ගීතය ඊට කදිම නිදසුනකි .

5.මෙම ගීත සඳහා සංගීත භාණ්ඩ භාවිත නොකරන අතර දරුවා නැලවීම සඳහා සුදුසු ශ්‍රුතියකින් ගායනා  කර ඇත .

6.ආදී වාසින් විසින් ගායනය කරන ලද වැදී නැළවිලි ගී ඇසුරෙන් ශ්‍රී ලාංකීය සරල ගීත ද නිර්මාණය කර ඇත
   නිදසුන් - නංගිට බැඳපු මල් වියනයි
                    රජා ඕ මංගලියා
                    මල් වියනේන් බැඳී මහා බැද්දේ

                    මමිනි මා දෙයියා

Comments

Popular posts from this blog

ජන සංගීතය හැඳින්වීම

ශාන්තිකර්ම ගීත

වන්නම්