Posts

Showing posts from December, 2017

බඹර කැපීමේ ගීත

සිය ජිවිත සටනෙහි නොමද අරගලයක යෙදෙන ගැමියා ,එදා ඒ උදෙසා විවිද වූ ජිවනෝපායන් වල නියැලෙන්නට විය .එයින් එක වෘත්තියක් ලෙස බඹර කැපීම සැලකිය හැකිය .මෙම බඹර කැපීම සිදු වන්නේ උස ගස් රුකුල් හා ගල් පර්වත තුල බඹරුන් විසින් බඳින ලද බඹර වද කැඩීමයි.මෙය ඉතාමත් කටුක වේදනාකාරී ක්‍රියාවකි .මෙම ක්‍රියාවලදී ගයනා කරනු ලැබූ ගීත බඹර කැපීමේ ගීත ලෙස හැඳින්වේ .සිය වෘත්තියෙහි කටුක ස්වභාවය මොවුන් විසින් ගායනා කරන ලද බඹර කපීමේ ගීත පදමාලාව තුල අන්තර්ගත වී ඇත .මෙම ගීත ඒකලව ගයනා කර ඇත .මෙම ගීත වල ස්වර පරාසය පටු වන අතර උච්ච ස්වරයෙන් ගැමියන් ගායනා කළ නිසා නාද පරාසය කෙටි වීමට හේතු වී ඇත .ශ්‍රී ලාංකීය ගැමි ගී වර්ගීකරණය යටතේ මෙහෙ ගී ඝනයට බඹර කැපීමේ ගීත අයත් වේ .බඹර කැපීමේ ගීතයක් පහත දැක්වේ . බැද්ද වටට සුදුමොර මල්             පිපිලා සද්ද කර බඹරු ඒ වග                 කියාලා ඉටිත් පැණිත් ලොව සැමටම      බෙදාලා යන්නත් බමරු දුක් මැසිවිලි   ...

පාරු ගීත

Image
                  අතීතයේ පාරුව යනු ප්‍රභල ප්‍රවාහන මාධ්‍යකි .පාරු වලින්  බඩු හා මිනිසුන්  ප්‍රවාහනයේදී ඇතිවෙන වෙහෙස මහන්සිය නිවාගැනීමට ගායනා කරන ලද ගීත පාරු ගීත ලෙස හැඳින්විය හැකිය ,ඔවුන්ගේම සරල ගැමි පදමාලාවකට අනුව මෙම ගීත ගායනා කර ඇත .ගංගා ආශ්‍රිතව බොහෝවිට මෙම ගීත නිර්මාණය වී ඇත .                

වැදි නැළවිලි ගී

අපේ පැරණි සමාජයේ ජිවත් වූ ගෝත්‍රිකයින් හෙවත් ආදී වාසින්  විසින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා භාවිත කරන ලද ගීත විශේෂයක් ලෙස වැදි නැළවිලි ගී හැඳින්විය හැකිය .මානවයාගේ ආරම්භයත්  සමඟ දරුවන්ගේ  අවශ්‍යතාවයන් දිනා ගන්නේ හඬමිනි.ඒ සඳහා ආදිවාසින් විසින් විසින් දරුවන් නලවා ගැනීමට මෙම ගීත ගායනා කරන ලදී .මෙම ගීත වල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ කිහිපයකි . 1.පදමාලා ඉතාමත් සරලය . 2.දරුවාගේ සිතේ ඇතිවෙන සිතුවිලි හා මවගේ සිතේ ඇතිවන සිතුවිලි මව විසින් සහජයෙන් පද ගොඩනගාගෙන  මෙම ගීත ගායනා කර ඇත . 3.නාදමාලාව ඉතා සරළ වේ .මෙම නාදමාලා ද තමාගේ සිතට ඇතිවෙන පද යොදාගෙන ඒවා ගීතයට නංවා ඇත . 4.නාදමාලා සරල වීමට හේතුව නම් මෙම ගීත නිර්මාණය වී ඇත්තේ ස්වර දෙකක් හෝ තුනක් භාවිත කරමිනි .පැට්ටි අඩන්නේ  මොන්නට දෝ බෝල යන ගීතය ඊට කදිම නිදසුනකි . 5.මෙම ගීත සඳහා සංගීත භාණ්ඩ භාවිත නොකරන අතර දරුවා නැලවීම සඳහා සුදුසු ශ්‍රුතියකින් ගායනා  කර ඇත . 6.ආදී වාසින් විසින් ගායනය කරන ලද වැදී නැළවිලි ගී ඇසුරෙන් ශ්‍රී ලාංකීය සරල ගීත ද නිර්මාණය කර ඇත    නිදසුන් - නංගිට බැඳපු මල් වියනයි    ...