හටන් ගීත

මහනුවර යුගයේ භාවිත කළ කවිකාර මඩුව අශ්‍රිතව නිර්මාණය වූ සේ ගී විශේෂයකි .එදා රජ කළ රජවරුන් යුධ කළ අවස්ථා වලදී මෙම ගීත ගායනා කර ඇත .මෙම ගීත ගයනා කළ අවස්ථා ලෙස යුද්ධයට යාමට පෙර ,යුධ කරන අවස්ථාවේදී ,යුධ ජයග්‍රහණය කිරීමෙන් පසු සතුට භුක්ති විඳීම සඳහා ආදී අවස්ථා වලදී මෙම ගීත ගායනා කර ඇත .රජවරුන්ගේ ,සෙන්පතියන්ගේ ගුණ වර්ණනා ,තේජස ,පෞර්ෂය, අදිය මුල් කරගෙන හටන් ගීතවල පදමාලා නිර්මාණය වී ඇත .දුනුවිල හටන ,පරංගි හටන ,ලන්දේසි හටන ,ඉංග්‍රීසි හටන යන හටන් වලදී මෙම ගීත ගායනා කර ඇත .හටන් ගීතවල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ කිහිපයකි .

1.පදමාලා සංකීර්ණය .
2.නාද මාලා සංකීර්ණය .
3.බොහෝ ගීතවල නාදමාලා ඒකාකාරී වේ .
4.මෙම ගීතවල නාදමාලා ඒකාකාරී වේ .
5.නාද මාලා වේග රිද්මයක් ගනියි .
6.බටහිර සංගීතයේ  6/8 හා හින්දුස්තානි සංගීතයේ ඛේම්ටෝ තාලය මත මෙම ගීත ගායනා කරයි .
7.ගැට බෙර ,දවුල් ,තම්මැට්ටම් ,හොරණෑ,කොම්බුව ,හක්ගෙඩිය ,පන්තේරු ,උඩැක්කි ආදී සංගීත භාණ්ඩ යෝදාගෙන ඇත .

නොමදින් විකුම්පාලා ,යුද්දෙටත් ඇවිත් ,කපන කොටන බිම පෙරලෙන ආදී ගීත හටන් ගීත කිහිපයකි .

Comments

  1. තව විස්තර දාන්න

    ReplyDelete
  2. superb ,,,well contain all initial things for grade 10 students. greate work & best help informations for me .TNX@ hope you could be upload these important things for others.

    ReplyDelete
  3. ඇත්තටම ගොඩාක් ස්තූතියි 🙏
    අනේ මේ වගේ තව විස්තර දාන්න පුළුවන් දාන්න. ❤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ජන සංගීතය හැඳින්වීම

ශාන්තිකර්ම ගීත

වන්නම්