Posts

Showing posts from November, 2017

හටන් ගීත

මහනුවර යුගයේ භාවිත කළ කවිකාර මඩුව අශ්‍රිතව නිර්මාණය වූ සේ ගී විශේෂයකි .එදා රජ කළ රජවරුන් යුධ කළ අවස්ථා වලදී මෙම ගීත ගායනා කර ඇත .මෙම ගීත ගයනා කළ අවස්ථා ලෙස යුද්ධයට යාමට පෙර ,යුධ කරන අවස්ථාවේදී ,යුධ ජයග්‍රහණය කිරීමෙන් පසු සතුට භුක්ති විඳීම සඳහා ආදී අවස්ථා වලදී මෙම ගීත ගායනා කර ඇත .රජවරුන්ගේ ,සෙන්පතියන්ගේ ගුණ වර්ණනා ,තේජස ,පෞර්ෂය, අදිය මුල් කරගෙන හටන් ගීතවල පදමාලා නිර්මාණය වී ඇත .දුනුවිල හටන ,පරංගි හටන ,ලන්දේසි හටන ,ඉංග්‍රීසි හටන යන හටන් වලදී මෙම ගීත ගායනා කර ඇත .හටන් ගීතවල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ කිහිපයකි . 1.පදමාලා සංකීර්ණය . 2.නාද මාලා සංකීර්ණය . 3.බොහෝ ගීතවල නාදමාලා ඒකාකාරී වේ . 4.මෙම ගීතවල නාදමාලා ඒකාකාරී වේ . 5.නාද මාලා වේග රිද්මයක් ගනියි . 6.බටහිර සංගීතයේ  6/8 හා හින්දුස්තානි සංගීතයේ ඛේම්ටෝ තාලය මත මෙම ගීත ගායනා කරයි . 7.ගැට බෙර ,දවුල් ,තම්මැට්ටම් ,හොරණෑ,කොම්බුව ,හක්ගෙඩිය ,පන්තේරු ,උඩැක්කි ආදී සංගීත භාණ්ඩ යෝදාගෙන ඇත . නොමදින් විකුම්පාලා ,යුද්දෙටත් ඇවිත් ,කපන කොටන බිම පෙරලෙන ආදී ගීත හටන් ගීත කිහිපයකි .

ප්‍රශස්ති ගීත

මහනුවර යුගයේ ආරම්භ වූ සේ ගී ඝනයට අයත් ජන ගී වර්ගයක් ලෙස ප්‍රශස්ති ගීත හැඳින්විය හැකිය.රාජ්‍ය අනුග්‍රහය ලැබූ විශේෂ කණ්ඩායම් විසින් ප්‍රශස්ති ගීත නිර්මාණය කර ඇත .රජවරුන්ගේ ,මහා ඇමතිවරුන්ගේ ,අග මෙහෙසියන්ගේ ගුණ වර්ණනා ප්‍රශස්ති පද මාලාව තුල අන්තර්ගත වී ඇත .මෙම ප්‍රශස්තිවල පදමාලා ගුණ වර්ණනා ලෙස යොදාගෙන ඇත්තේ අතිශයෝක්තියෙනි .ප්‍රශස්ති ගීත වර්ග කිහිපයකි . 1.රාජ ප්‍රශස්ති 2.දේව ප්‍රශස්ති 3.භූත ප්‍රශස්ති ප්‍රශස්ති ගායනා සඳහා   සිටි පිරිස වන්දිබට්ටයින්   ලෙස  හඳුන්වා  ඇත .මේ අය සඳහා එකල ගම් නියම්ගම් ,කිර්ති ප්‍රශංසා රාජ්‍ය අනුග්‍රහය ලැබීම විශේෂ වරප්‍රසාදයකි .ප්‍රශස්ති ගායනා ඉදිරිපත් කිරීමේදී වර්ණවත් වස්ත්‍රාභරණයෙන් සැරසී ප්‍රසංගාතත්මකව ඉදිරිපත් කර ඇත .රාජ්‍ය සභාවට රජවරුන් ,අග මෙහෙසියන් ,මහාමාත්‍ය වරුන් කැඳවා ඔවුන් සඳහා විශේෂ ආසන පනවා ඔවුන් ඉදිරියේදී ප්‍රශස්ති ගායනා ඉදිරිපත් කරයි .ප්‍රශස්ති ගායනා වල සුවිශේෂී ලක්ෂණ පහත දැක්වේ . 1.පදමාලා  සංකීර්ණය. 2.නාදමාලා  සංකීර්ණය . 3.මුද්‍රප්ත පදවලින් ගීත අලංකාර කරයි . 4.ගැටබෙරය,දවුල ,තම්මැට්ටම් ,උඩැක්කි ,හක්ගෙඩි ,හොරණෑ වැනි සංගීත භාණ්ඩ යොදා ගනියි .

වන්නම්

Image
වන්නම් යනු කිසියම් දෙයක් පිළිබඳව කරනු ලබන වර්ණනාවකි .මෙහිදී පුද්ගලයෙක් ,සතෙක් ,සතෙකුගේ ගමන් විලාසයක් නලඟනක් පිලිබඳ කරනු ලබන වර්ණනා පද මාලාවේ ගැබ් වී ඇත .වන්නම් ආරම්භ වූයේ මහනුවර යුගයේදීය .ජන ගී වර්ගීකරණය යටතේ සේ ගී ඝනයට වන්නම් අයත් වේ .කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ කවිකාර මඩුව තුලින් වන්නම් ජනිත වී ඇත .ගායනයක් ලෙස ආරම්භ වූ මෙම වන්නම් පසු කාලයේ නර්තනයට එක් වීමෙන් විවිධ නර්තන නිර්මාණය විය .වන්නමක ආරම්භය සිදු වන්නේ තානමකිනි .තානමේ නාද මාලාවට පද මාලාව ගායනා කරනු ලබයි .මහනුවර යුගයේ මෙම වන්නම් නිම කිරීමෙදී එකල රජවරුන්ගේ රජවාසලේ සේවය කළ දකුණු ඉන්දීය සංගීතධරයෙකු වූ ගණිතාලංකාර වැනි පඬිවරුන්ගේ සහය ලැබී ඇත .ගායනයේදී තානම ,ගීතය , යනුවෙන් කොටස් දෙකකින් යුක්ත වුවද ,නර්තනයට එක් වීමෙන් පසු කස්තිරම ,සීරුමාරුව ,අඩව්ව යන කොටස් එක විය .මහනුවර යුගයේ නිමවූ වන්නම් ගණනින් 18 කි .වන්නම් සඳහා භාවිත වන කොටස් 5 කි .                                                                                                             1.තානම                                                                               

ශාන්තිකර්ම ගීත

Image
අතීතයේ අපේ ගැමියන් විවිධ  කරදර ,බාදක වලට මුහුණ දුන්  අවස්තාවලදී  ඒවා සමනය කර ගැනීමට විවිධ යාග හෝම පවත්වා ඇත .එවැනි යාග හෝම  කටයුතු වලදී ඔවුන් අතින් නිමවුණු ගීත ශාන්තිකර්ම ගීත ලෙස හැදින්විය හැකිය .අපල උපද්‍රව දුරු කර ගැනීම ,ග්‍රහ දොස් දුරුකර ගැනීම ,රෝග අබාධ  සමනය කර ගැනීම ,යක්ෂ ප්‍රේත ආදීන්ගෙන් සිදුවෙන බාදක දුරුකර ගැනීම වන සතුන්ගෙන් ඇතිවන හානි දුරුකර ගැනීම හා සශ්‍රිකත්වය අරමුණු කරගෙන නිමවී ඇති ශාන්තිකර්ම ගී බොහොමයක් වර්තමානයේ පවතී .ඕනෑම ශාන්තිකර්මයක අරමුණ එකක් උවද ඒ ඒ ප්‍රදේශවල භාවිත කරන ස්වරූපය අනුව ප්‍රාදේශීය වශයෙන් විවිධ වෙනස්කම් දක්නට ලැබේ .මේ අනුව ශාන්තිකර්ම ගීත කොටස් තුනක් යටතේ සාකච්ඡා  කළ හැක . 1.උඩරට ශාන්තිකර්ම ගී  2.පහතරට ශාන්තිකර්ම ගී  3.සබරගමු ශාන්තිකර්ම ගී ඒ ඒ ප්‍රදේශ වලට අවේනික වූ ප්‍රධාන ශාන්තිකර්ම දක්නට ලැබේ .උඩරට ප්‍රදේශයේ භාවිත කරන ප්‍රධාන ශාන්තිකර්ම වන්නේ කොහොඹා කංකාරිය , ගම්මඩු ශාන්තිකර්මය වේ .එම ශාන්තිකර්ම රාත්‍රියේ අරඹා පසු දින පහන් වන තුරුම විවිධ ගායනා ,විවිධ නර්තන ,වෙනත් සංස්කෘතික උපාංග භාවිත කරමින් මෙම ශාන්තිකර්ම සිදුකෙරේ .මෙම ශාන්තික