මහනුවර යුගයේ ආරම්භ වූ සේ ගී ඝනයට අයත් ජන ගී වර්ගයක් ලෙස ප්රශස්ති ගීත හැඳින්විය හැකිය.රාජ්‍ය අනුග්‍රහය ලැබූ විශේෂ කණ්ඩායම් විසින් ප්රශස්ති ගීත නිර්මාණය කර ඇත .රජවරුන්ගේ ,මහා ඇමතිවරුන්ගේ ,අග මෙහෙසියන්ගේ ගුණ වර්ණනා ප්රශස්ති පද මාලාව තුල අන්තර්ගත වී ඇත .මෙම ප්‍රශස්තිවල පදමාලා ගුණ වර්ණනා ලෙස යොදාගෙන ඇත්තේ අතිශයෝක්තියෙනි .ප්රශස්ති ගීත වර්ග කිහිපයකි . 1.රාජ ප්රශස්ති 2.දේව ප්රශස්ති 3.භූත ප්රශස්ති ප්රශස්ති ගායනා සඳහා සිටි පිරිස වන්දිබට්ටයින් ලෙස හඳුන්වා ඇත .මේ අය සඳහා එකල ගම් නියම්ගම් ,කිර්ති ප්‍රශංසා රාජ්‍ය අනුග්‍රහය ලැබීම විශේෂ වරප්රසාදයකි .ප්රශස්ති ගායනා ඉදිරිපත් කිරීමේදී වර්ණවත් වස්ත්‍රාභරණයෙන් සැරසී ප්රසංගාතත්මකව ඉදිරිපත් කර ඇත .රාජ්‍ය සභාවට රජවරුන් ,අග මෙහෙසියන් ,මහාමාත්‍ය වරුන් කැඳවා ඔවුන් සඳහා විශේෂ ආසන පනවා ඔවුන් ඉදිරියේදී ප්රශස්ති ගායනා ඉදිරිපත් කරයි .ප්රශස්ති ගායනා වල සුවිශේෂී ලක්ෂණ පහත දැක්වේ . 1.පදමාලා සංකීර්ණය. 2.නාදමාලා සංකීර්ණය . 3.මුද්රප්ත පදවලින් ගීත අලංකාර කරයි . 4.ගැටබෙරය,දවුල ,තම්මැට්ටම් ,උඩැක්කි ,හක්ගෙ...
Thanks alot
ReplyDelete